දෙපාර්තමේන්තුවේ ඓතිහාසික විකසනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දෙන තෙක් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරි ඉටුකරනු ලැබූයේ එක් එක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් යටතේ සමාජ සේවා සහකාර අධ්‍යක්ෂ හරහාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට බලතල පැවරීමෙන් අනතුරුව, පළාත් අමාත්‍යාංශ ලේකම් හරහා පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට පවරනු ලැබූ බලතල ක්‍රියාත්මක කරනුයේ සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ විසිනි. මෙම කර්තව්‍ය ඉටුකිරීමේදී දකුණු පළාතේ දිළිඳු, ආබාධිත, පීඩිත ජන කොටස් සඳහා පහත දැක්වෙන සේවා සපයනු ලැබේ.

සමාජ සේවා අංශයේ ප්‍රධාන කෘත්‍යාත්මක ක්ෂෙත්‍ර

  • මහජනාධාර ගෙවීමේ වැඩසටහන
  • ක්ෂය ‍රෝගය/ පිළිකා/ ලාදුරු/තැලසීමියා රෝගීන් සඳහා මූල්‍යාධාර සැපයීම
  • මහජනාධාර ලබන්නන් හා ආබාධිත තැනැත්තන් සඳහා පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • අනියම් සහන සැපයීම සඳහා වැඩසටහන
  • ආබාධිත තැනැත්තන් සමාජගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
  • ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ, ‍‍රෝද පුටු, කිහිලි කරු, අත් ආධාරක, ඇවිදීම් ආධාරක සහ රෝද තුනේ බයිසිකල් සැපයීම
  • හදිසි ආපදා අනතුරු සහන
  • වැඩිහිටි නිවාස, අඳ ගොළු බිහිරි පාසල්, ආබාධිත අය සඳහා වූ නිවාස සහ ස්වේච්ඡා සංවිධාන විසින් ආබාධිත අය සඳහා පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා ආධාර සැපයීම හා එවැනි ආයතනවලට පුද්ගලයන් ඇතුලත් කිරීම හා ඒවා අධීක්ෂණය
  • ආයතනගත කළ තැනැත්තන් සඳහා පළාත් සභා විෂයයන්ට අදාළ නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා මානසික හා කායික සෞඛ්‍ය සඳහා භෞතික සම්පත් සැපයීම
  • වත්මන් සමාජයේ පවතින සමාජ ගැටලු විසඳීමට උපකාර කිරීම
  • සමාජ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • සමාජ සේවා අරමුදල මගින් දිළිඳු පවුල් වෙත අධ්‍යාපන කටයුතු හා ඖෂධ සඳහා ආධාර ලබා දීම හා අබාධිත තැනැත්තන්ට නිවාස තනා දීම
  • ග්‍රාමීය ප්‍රදේශවල අක්ෂි සායන පැවැත්වීම හා දිළිඳු ජනයාට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම
  • රිදියගම රැඳුවුම් කදවුරේ සිටින අත්හැර දමන ලද පුද්ගලයන්ට සේවා සැපයුම. අධිකරණ නියෝග මගින් වැරදිකරුවන් කර ඇති 600කට ආසන්න රැඳවියන් මෙහි පුනරුත්ථාපනය කරනු ලැබේ.

පුවත් සහ සිදුවීම්