‘සිනහ දකින අපේ ලොවක්‘ තේමාව පෙරදැරිකරගත් 2022 වර්ෂයේ විශ්ව ළමාදින සැමරුම 2022.10.04 දින වැලිගම නගරසභා ශාලාවේදි, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය වීලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.

 

ඒ අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මැතිතුමා, දකුණු පළාත් ක්‍රීඩා, ග්‍රාමසංවර්ධන... අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ අයි දිසානායක මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී විය.

ළමා දින සැමරුම් වැඩසටහන සඳහා දකුණු පළාත් රාජ්‍යය සංගීත කණ්ඩායම “සප්තා“ සංගීතවත් කල අතර නර්තනයෙන් දකුණු පළාත් රාජ්‍යය නර්තන කණ්ඩායම උත්සවය වර්ණවත් කළේය. දකුණු පළාතේ ආයතනගත දරුවන්ගේ රසාස්වාදය සඳහා විවිධ සංගීතමය, නර්තන සහ සංස්කෘතික ඉදිරිපත් කිරීම් රාශියකින් උත්සවය සමන්විත විය.DSC 2552 2DSC 2637 2

DSC 2552 2DSC 2602 2DSC 2529 2

செய்தி மற்றும் நிகழ்வுகள்