දකුණු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර  දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ,නොමග ගිය හා සමාජ අසාධාරනයන්ට ලක්වූ ළමුන් සඳහා රැකවරනය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්යභාරයවේ.

WhatsApp Image 2023 12 01 at 5.23.11 PM 1ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ ,අසරණ හා අතහල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමුකිරීම විවිධ හේතුන් මත සිදුවේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව , ආදී  විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමුකරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත.

 

ඒ අනුව 2023 වර්ෂය සඳහා අදියර 02ක් වශයෙන් ශිෂ්‍යාධාර ලබාදීම සිදුකරන ලද අතර, ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යාධාරලාභීන් 190 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 60ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 152ක් වශයෙන් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට අපේක්ෂිතය.  ඒ අනුව එක් ශිෂ්‍යාධාරලාභියෙක් සඳහා රු. 18,000.00 බැඟින් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා රු. මිලියන 7.2ක මුදලක් දකුණු පළාතේ ආයතනගත වීමට අවධානමක් ඇති දරුවන්ගේ සුභසිද්ධිය සඳහා ශිෂ්‍යාධාර වශයෙන් ලබාදෙනු ලැබීය.

 

2023 වර්ෂයට අදාල ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවය 2023 නොවැම්බර් මස 28 වන දින සවස 2.00 ට දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පවත්වන ලැබූ අතර, ඒ සඳහා දකුණු පළාත් ක්‍රීඩා,සංස්කෘතිය අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ අයි දිසානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වීය.

WhatsApp Image 2023 12 01 at 5.23.14 PM

செய்தி மற்றும் நிகழ்வுகள்