මෙහෙවර

Elders who live in the Southern Province, the disabled, the poor community welfare projects and programs, allowing them to lead the development of Southern shareholders and  Measures to rehabilitate and develop the children's and avoid being referred to as a distraction, allowing the use of public resources optimally and non-governmental organizations and individuals to participate in, and support for the southern province of social care and children who were subjected to injustice and misleading guidance.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍ය

  • වැඩිහිටියන් සඳහා සායනික සේවා පැවැත්වීම
  • ආබාධිත හා අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නිවාස පහසුකම් සැපයීම
  • ආබාධිත හා අඩු ආදායම්ලාභී ජනතාවගේ ආදායම් තත්වය ශක්තිමත් කිරීම සඳහා ස්වයං රැකියා ආධාර සැපයීම
  • රිදියගම රැඳවුම් නිවාසයේ අනාථ ළමුන්ගේ ආරක්ෂාව සහ සමාජ සුබසාධනය තහවුරු කිරීම
  • තරුණ සහ ළමා පනත යටතේ තෝරාගත් සුදුසු ළමුන් හට සහන සැලසීම
  • දකුණු පළාතේ ළමා නිවාස හා ළමා උද්‍යාන සදහා උපකාර කිරීම
  • පරිවාස භාරයේ සිටින ළමුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • ළමුන් පරිවාස භාරයට පත්වීම වැළැක්වීම පරිවාස භාරයේ සිටින ළමුන්ට සහන සැලසීම
  • ළමා අයිතිවාසිකම් සහතික කිරීම, යහපත් ශාරීරික, මානසික හා සමාජීය පැවැතුම් ඇති කිරීම
  • සමාජයේ විශේෂ අවධානය අවශ්‍ය ළමුන්ට මාර්ගෝපදේශ හා ආරක්ෂාව සැපයීම
  • පරිවාස භාරයේ සිටින ළමුන්  සඳහා ළමා දින උත්සවය හා ක්‍රීඩා තරඟ පැවැත්වීම
  • අපයෝජනයට හා නොසලකා හැරීමට ලක්වූ ළමුන් පුනරුත්ථාපනය කිරීම හා සුබසාධනය සැපයීම
  • ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම

පරිවාස දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබූයේ 1956 වසරේදීය. පළාත් සභා පිහිටුවීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවේ රාජකාරි හා වගකීම් සහ අධිකාරි බලය 1987 වසරේදී පළාත් දෙපාර්තමේන්තුව වෙත පවරන ලැබීය. මෙම දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රධාන වශයෙන්ම අංශ තුනකට බෙදිය හැකිය. ඒවා පහත දැක්වෙන පරිදිය.

  • පුනරුත්ථාපන සේවා
  • ළමාරක්ෂක සේවා
  • මිශ්‍ර සේවා

පුනරුත්ථාපන සේවා යටතේ සහතික කළ පාසල්, රැඳවුම් නිවාස හා බාලාපාචාරවලට සම්බන්ධ වූ ළමුන් සඳහා රක්ෂිත නිවාස පවත්වාගෙන යනු ලැබේ. වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා නීත්‍යානුකූල භාරකරු වනුයේ දිසා අධිකරණයයි. දිසා අධිකරණය මෙම බලය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා ඇත. එබැවින් අත්හැර දමන ලද, අපයෝජනයට ලක් වූ සහ අවදානම්පාත්‍ර ළමුන් සඳහා රැකවරණය හා ආරක්ෂාව සැපයීම දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

Session is under construction

පුවත් සහ සිදුවීම්