News & Events
Southern Province Department of Social Welfare, Probation and Childcare Services
කඩින්කඩ පාසල් යන අඩු ආදායම් දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම 2023
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ අඩු ආදායම්ලාභි දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර 2023 වර්ෂයට අදාලව දකුනු පලාතේ ප්‍රා. ලේ කාර්යාල 50ම නියෝජනය වන පරිදි පාසල් උපකරණ කට්ටල 440ක් ලබාදීම සිදුකරන ලදී.
ලදී.
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ ලබාදීම - 2023
ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධ සහිත අඩු ආදායම්වූලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ ලබාදීම 2023/07/11 දින දෙපාර්තමේන්තු පරිශ්රෙය්දීසිදුකෙරිණි.
දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන - 2022
දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන - 2022
දකුණු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ,නොමග ගිය හා සමාජ අසාධාරනයන්ට ලක්වූ ළමුන් සඳහා රැකවරනය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්යභාරයවේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ ,අසරණ හා අතහල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමුකිරීම විවිධ හේතුන් මත සිදුවේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව , ආදී විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමුකරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත.
ඒ අනුව 2022 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභීන් 50ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 50ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභීන් 46ක් ලෙස සම්පූර්ණ ප්‍රතිලාභීන් 146ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම සිදුකරයි. ඒ අනුව 2022 වර්ෂය සඳහා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 1.752 (රු.1,752,000.00) ක මුදලක් ශිෂ්‍යාධාර ලෙස දකුණු පළාතේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ලබාදීම සිදුකෙරේ.
2022 වර්ෂයට අදාල ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවය 2023 මැයි 30 වන දින දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා දකුණු පළාත් ක්‍රීඩා,ග්‍රාම සංවර්ධන ... අමාත්‍යංශයේ ගරු ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සංදීපනී එන් දම්මුල්ලගේ මෙනෙවිය, දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ටී ජී එස් සෙව්වන්දි මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී විය.
Page 2 of 2